MAR
20
සියලු අධිවේගී මාර්ග වැසෙයි

අද(20) පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය.
මේ අතර අද පස්වරු 6.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ සියලු දුම්රිය සේවාවන් අද පස්වරු 3.30 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දිනයේ අවසන් දුම්රිය පස්වරු 3.30 ට කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය වන බවයි.
630 Views
Comments