පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

 

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

කොළඹ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර (1.5-2.0) දක්වා වැඩි විය හැක.

 

ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජිවත් වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

views

988 Views

Comments

arrow-up