පූජිත් සහ හේමසිරිට ඇප

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.
කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සැකකරුවන් දෙදෙනා විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු නියෝග කරන ලදි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ අතර සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසට නියෝග කරන ලදි.
853 Views
Comments