"කොළඹ මහනුවර වායු දූෂණය WHO මට්ටමත් ඉක්මවා ගිහින්, කොරෝනා අවසන් වූ පසුත් නුවර කොළඹ ජනතාව මුව ආවරණ පැළඳිය යුතුයි " - පරිසර ඇමති

මහනුවර නගරයේ සහ කොළඹ නගරයේ වායු දූෂණය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් නිර්දේශ කර ඇති මට්ටම පසු කර ගොස් ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
වායු දූෂණයෙන් 65% කටම වගකිව යුත්තේ වාහන වලින් නිකුත් කරන දුම් බවත් , කොළඹ නගරයේ හා මහනුවර දිස්ත්‍රික්ක යේ මෙන්ම සෙසු ප්‍රධාන නගර වන කුරුණෑගල සහ ගාල්ල නගර සීමාවල ද මේ තත්ත්වය ක්‍රමයෙන් නුසුදුසු අතට හැරෙමින් පවතින බව ද ඇමැතිවරයා පැවසුවා.
ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සංවිධාන කළ මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනුයි ඇමතිවරයා මේ බව පැවසුවේ. කොළඹ සහ මහනුවර නගර හැරුණු විට ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් තවමත් අවම මට්ටමක පවතින බව පැවැසූ ඇමැති මහින්ද අමරවීර මහතා කොරෝනා වසංගතය මෙරටින් ඉවත් වූ වද කොළඹ සහ මහනුවර වැනි ප්‍රදේශවල දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් පැන නැගී ඇති බව වැඩි දුරටත් සඳහන් කළා.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමැති මහන්ද අමරවීර මහතා,
" වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයක ට මයික්‍රෝ ග්‍රෑම් 50 කට අඩු මට්ටමක පැවැතිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. ඒත් ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල 150-165 දක්වා ඉහළ යන අවස්ථා පවතිනවා.
විශේෂයෙන්ම මහනුවර නගරය කඳුයායකට මැදිව පවතින නගරයක් බැවින් එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශ ඉවතට ඇදී යාමක් සිදු වන්නේ නැහැ. එමෙන්ම කොළඹ නගරය ආසන්නයෙන්ම මුහුද තිබෙන නිසාත් හමා එන සුළං නිසා ක්ෂුද්‍ර අංශු වායු ගෝලයේ රඳා පැවැතීමක් ද සිදු වන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවල දී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමඟ එහි වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු කොළඹ නගරයට බලපෑමක් එල්ල කර තිබෙනවා.
වායු දූෂණයෙන් 65%කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම්. මේ නිසා කොළඹ නගරයේ හා මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම කුරුණෑගල හා ගාල්ල නගර සීමාවල ද තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතිනවා. එමනිසා කොවිඩ් 19 අවසන් වුවත්, මහනුවර නගරයේ දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් පැන නැඟලා.
එම නිසා ඉදිරි අය - වැයෙන් මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජයේ අවධානය යොමු කරන්නත්, වායු තත්ත්වයන් මනින ස්ථාන දැනට පවතින්නේ ස්ථාන දෙකක පමණක් නිසා එම ස්ථාන සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා." යැයි පැවසුවා.
1118 Views
Comments