තවත් ආසාදිතයන් 287 ක් - නව පොකුර 17,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

තවත් ආසාදිතයන් 287 ක් - නව පොකුර 17,000 ඉක්මවයි

තවත් ආසාදිතයන් 287 ක් - නව පොකුර 17,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 287 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

 

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 17 දහස ඉක්මවා ගියා.

 

එය මේ වනවිට පවතින්නේ 17 265 ක් ලෙසයි.

 

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 20 දහස් 795 ක් බවට පත්වනවා.

 

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5743 ක්. මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 465 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14 දහස් 962 දක්වා ඉහළ යනු ඇති.

 

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 601 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 90 ක් වාර්තා වී තිබෙනවා.

 

 

views

576 Views

Comments

arrow-up