රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

 

පවතින අධික තදබදයට විසඳුමක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට නියමිතය.

 

එහිදී ස්වයංක්‍රීය දුරකථන පද්ධතිය හරහා හෝ වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා කාලය වෙන් කරගත හැකි වේ.

 

අද සිට ආරම්භ වන නව ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා,

"සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමන්ට අදාළ වේලාවක් අදාළ දිනය තුළ වෙන්කරගෙන කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයි. මීට ප්‍රථම ක්‍රියාත්මක වුණා කොවිඩ් කාලේ. මේකෙදි පුළුවන් ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා 2 117 116 කියලා. ඒක ස්වයංක්‍රීයව භාෂා තුනෙන්ම ඔබට අවශ්‍ය සේවාව ලබාදෙනවා."

 

කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීමට මෙමඟින් බලපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

"ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වා දීලා තියෙනවා. https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම තියෙනවා. මෙයට දැනගත යුතු ප්‍රධානම දේ වන්නේ සේවාවන් ලබාගැනීමට නියමිත වේලාවන් තුළ ඇවිත් සේවාවන් ලබාගැනීමයි."

views

281 Views

Comments

arrow-up