ඡන්දය පැයකින් දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ඡන්දය පැයකින් දීර්ඝ කෙරේ

ඡන්දය පැයකින් දීර්ඝ කෙරේ

මෙවර ජනාධිපතිවරණයේ ජන්ද විමසීම පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිදුකළ යෝජනාවට සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟතාව පළකර තිබෙනවා.

 


මෙවර ජන්ද පත්‍රිකාව අඩි 2කට මදක් වැඩි ලෙස දිගින් යුක්ත වීම හේතුවෙන් මේ ආකාරයෙන් ජන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට සුදුසු බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා අද (29) දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදී සඳහන් කර ඇත්තේ.

 


ඒ අනුව නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ජන්ද විමසීම පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට සියලුම දේශපාලන නියෝජිතයින් එකඟතාවය පළකර ඇත.

 

ලබන නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

views

669 Views

Comments

arrow-up