ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකු ඇපමත මුදාහරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකු ඇපමත මුදාහරී

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකු ඇපමත මුදාහරී

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

 

එම සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම නියෝගය නිකුත් කළේය.

 

ඒ අනුව සැකකරු රුපියල් 75000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

 

මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ කියා සිටියේය.

views

47 Views

Comments

arrow-up