සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහැවතුන් බලන්න ජනපති හදිසියේම මහනුවරට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහැවතුන් බලන්න ජනපති හදිසියේම මහනුවරට

සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහැවතුන් බලන්න ජනපති හදිසියේම මහනුවරට

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

 

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

 

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

 

මේ අතර බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසය.

views

63 Views

Comments

arrow-up