අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට ලැබෙන සහන

2021 අයවැය දෙවන වර කියවිම අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී රාජ්‍ය අංශය වෙනුවෙන් සහන රැසක් ලබා දී තිබීම විශේෂත්වයකි.
ඒ අතර, රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරයි.
මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කරයි.
රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කරයි.
පෞද්ගලික අංශයයේ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා විය.
තව ද , රජයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රියාත්මක වූවත් ඇතැම් රාජ්‍ය සංස්ථා මෙන්ම පෞද්ගලික අංශය සඳහා ක්‍රියාත්මන වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ වරප්‍රසාද පමණය.
මේ අතර කෘෂිකර්ම, ධීවර, කුඩා ව්‍යාපාර, ස්වයං රැකියා වැනි නිෂ්පාදන අංශවල හා සේවාවන්වල නියැලෙන්නන් මෙන්ම ඇඟලුම්, සංචාරක, වැවිලි, විදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයකට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම තුළ එම ජනතාවගේ සැදෑ සමය සඳහා ස්ථීර ආදායම් මාර්ග සීමා වී තිබේ.
එබැවින් ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට 2012 දී තමා යෝජනා කළ බව ද අගමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව, පොදු යහපත සඳහා වයස අවුරුදු 65 පසු විශ්‍රාම වැටුපකට හිමිකම ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරයි.
731 Views
Comments