"රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්” මෙරට භාවිතයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

"රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්” මෙරට භාවිතයට අවසර

"රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්” මෙරට භාවිතයට අවසර

Covid-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ මෙරට තුළ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව අවසර ලබා දී තිබේ.

 

සිදුකරන ලද රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව ඊයේ (10) දිනයේ දී අදාළ අවසරය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

 

එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසු අදාළ පරික්ෂණ කට්ටල මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරනවා

 

 

views

742 Views

Comments

arrow-up