අඹු සැමි යුවලක් නිවසක් තුළ අබිරහස් ලෙස මියයයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

අඹු සැමි යුවලක් නිවසක් තුළ අබිරහස් ලෙස මියයයි (PHOTOS)

අඹු සැමි යුවලක් නිවසක් තුළ අබිරහස් ලෙස මියයයි (PHOTOS)

වැල්ලවාය, සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි අඹුසැමි යුවළකගේ මළ සිරුරු  සොයා ගැනීමට වැල්ලවාය පොලිසිය සමත් වී තිබේ.

 

පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුරු දෙක සොයාගෙන ඇත.

 

විමර්ශනවලින් අනාවරණය වූ ආකාරයට මොවුන් දෙදෙනා වයස අවුරුදු 36 සහ 21 වියැති ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

 

මියගිය පිරිමි පුද්ගලයා සෙල්ලබාව ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන එහි සිට දේශීය වෙදකම් කළ අයෙකි.

 

මෙය සියදිවි හානි කරගැනීමක් ලෙස පොලිසිය සැක කළ ද මේ වෙන තෙක් එය තහවුරු වී නොමැත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.

 

 

views

13046 Views

Comments

arrow-up