බදියුදීන් විල්පත්තුවට කළ හානිය තක්සේරු කරයි

රජයට අයත් විල්පත්තුව උතුරු වනාන්තර කලාපයේ හෙක්ටයාර 2500ක භූමි ප්‍රදේශයක සිදුකර ඇති වන විනාශයට වන්දිය ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගෙන් අයකරගත යුතු මුදල මේ වන විට තක්සේරු කර තිබෙනවා.
වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා දිවයිනේ ජාතික පුවත්පතට පවසා තිබෙන්නේ අදාල තක්සේරු මුදල ප්‍රසිද්ධියට පත් කිරීම සුදුසුද නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි.
විල්පත්තුවේ සිදුකර ඇති වන විනාශය තක්සේරු කිරීම සඳහා අධිකරණය නියෝගයක් මත වන සංරක්ෂණ ජනරාල් වරයා විසින් සත් පුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා. එම කමිටුවයි මෙම හානි පූර්ණ තක්සේරුව සිදුකර ඇත්තේ.
එහෙත් එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන නියෝජ්‍ය වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා පවසා ඇත්තේ එවැනි තක්සේරුවක් සිදු කර නැති බවයි.
පරිසරය යුක්ති කේන්ද්‍රය මගින් පවරන ලද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය විසින් වරදකරුවු රිෂාඩ් බදියුදීන් මහතාට වන සංරක්ෂණ කලාපයට සිදුකර ඇති විනාශය තමා කී වියදමින් ප්‍රකෘතිමත් කිරීම සඳහා රජයට වන්දි ගෙවිය යුතු බවට නියෝග කර තිබුණා.
මේ අතර එම තීන්දුවට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා අභියාචනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.
592 Views
Comments