JUN
05
අවසර නැතිව කඳුවල හැදූ ගෙවල් ගැන ගත් තීරණය

නිසි පරිදි අදාල ආයතන වලින් අනුමැතිය නොගෙන ඉදිකරන ලද කඳු ආශ්‍රිත ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කඳු ආශ්‍රිත නිවාස හදද්දී අදාල අනුමැතීන් ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් තිබෙන්නේ යැයි තෙන්නකෝන් මහතා කීය.
එවැනි නිවාස අනවසර ඉදිකිරීම් ලෙස සලකා ආපදා සහනාධාර ලබාදීමේදී වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි තෙන්නකෝන් මහතා කීය.
240 Views
Comments