“රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා” - වජිර අබේවර්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

“රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා” - වජිර අබේවර්ධන

“රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා” - වජිර අබේවර්ධන

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

 

දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවත් අබෙිවර්ධන මහතා කීය.

 

මේ ගැන රටේ සමස්ථ ජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතු යැයිද අබෙිවර්ධන මහතා  ප්‍රකාශ කළේය.

 

වජිර අබෙිවර්ධන  මහතා මේ බව කීවෙි  ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

 

දේශපාලන වශයෙන් දුර්වල, කඩාවැටී සිටින  කණ්ඩායම් අලුත් දේශපාලන සටන් පාඨයක් සොයා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින්නේ යැයිද අබෙිවර්ධන මහතා පැවසීය.

views

230 Views

Comments

arrow-up