ශ්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක් ඉතා ආසන්නයේ.. අවදානම් ස්ථාන 04ක් නම් හදුනාගනී..- GMOA
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ශ්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක් ඉතා ආසන්නයේ.. අවදානම් ස්ථාන 04ක් නම් හදුනාගනී..- GMOA

ශ්‍රී  ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක් ඉතා ආසන්නයේ.. අවදානම් ස්ථාන 04ක් නම් හදුනාගනී..- GMOA

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි අවදානම් ස්ථාන හතරක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට අනතුරු අගවා ඇත.

 

ගුවන්තොටුපල, බස් රථ හා දුම්රිය සේවාවන්, පාසල් හා මැතිවරණ සමය මෙම අවදානම් ස්ථාන හතර ලෙස හඳුන්වා දුන් බව සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

 

විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතාවේදී සමාජ දුරස්ථභාවය ගැන කිසිදු අවධානයක් නොදක්වන බව පෙනී යන්නේ යැයි ද ඔහු කීය.

 

මේ තත්වය යටතේ කොරෝනා දෙවෙනි රැල්ලක් ආරම්භ වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් ආසන්න බව පෙනී යන බවද ඔහු සදහන් කලේය.

 

කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව මුල් ස්ථානයට පත්ව ඇත්තේ ඒ සඳහා කල කැපවීම නිසා බවද කී ඔහු කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීම සඳහා ද කැපවීමක් අවශ්‍ය යයි කියා සිටියේය.

 

views

12848 Views

Comments

arrow-up