ෂාෆිගේ නඩුව යළි අලුතෙන් විමර්ශනය කෙරේ

කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි චෝදනා නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ අලුතින් විමර්ශනය ආරම්භ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට අද දැනුම් දුන්නා.
ඒ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
එසේම මේ සම්බන්ධ සාක්ෂි ද අලුතින් නැවත සටහන් කරගන්නා ලෙස එහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අලුතින් පත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අද අධිකරණය වෙත ඉදිරිපත් වී තිබුණි.
695 Views
Comments