රේගුවෙන් කහ පන්නන්න උදව් කල රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

කහ කිලෝ 33,000ක් නීති විරෝධී ආකාරයෙන් රේගුවෙන් පිටකිරීමට උත්සහ කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් රේගු නිළධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්ලූමැන්ඩල් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
නීති විරෝධී ආකාරයෙන් කහ කිලෝ 33,000ක් රේගුවෙන් පිටකිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ඊයේ (18) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර වීදුරු ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය මෙරටට ගෙන්වා ඇති බවටයි අනාවරණ වී තිබුණා
කන්ටේනර් 3ක අඩංගු මෙම කහ තොගය ඊයේ පොලිස් භාරයට ගෙන තිබුණේ කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදීයි.
මෙම ජාවාරම සඳහා යොදාගත් බවට සැකකරන ලොරි 7ක්ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුනා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශණවලදීයි අදාල කහතොගය රේගුවෙන් පිටකිරීමට සහය දැක්වීමේ චෝදනාව මත අද දිනයේදී රේගු නිළදාරින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත්තේ.
754 Views
Comments