“ආනයන-අපනයන පරතරය නොපියවා සිටියොත් රට ආයෙත් බංකොලොත්” - ජනපති රනිල්

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඊට අදාළව නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අරමුණින් රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ඓතිහාසික බෝධිය වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ(20) සහභාගී වෙමිනි.
218 Views
Comments