තවත් කඳුකර කොටියෙක් මස් වැද්දනට බිළි වෙයි

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුළ ඉකුත් මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා මිය ගිය ගොස් තිබෙනවා.
මස් වැද්දන් විසින් අටවපු මද්දකට මෙම කොටියා අසූ වූයේ ඉකුත් 24 වැනිදාය.
කොටියා බේරා ගත්තද කොටියා දින් හතක් ජීවිතයත් මරණත් අතර සටනක නිරත් වී තිබෙනවා.
මන්දට හසු වි කදුකර කොටියාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වි තිබිම නිසා කදුකර කොටියා මිය ගිය බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා.
කොටියාගේ වයස අවුරුදු 10කි.ඌ අඩි 8 පමණ දිගකින් යුත්තය.
පිරිමි සතෙකු වන මෙම කඳුකර කොටියා හොදින් වැඩුණු අයෙක් මෙම මද්ද බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබුණා.
මෙම කොටියා සවි ශක්තියෙන් හෙබි නිසා මද්ද කඩා ගෙන රජයේ සත්ව ගොවිපළ අසලට පැමිණ තිබුණා.
කොටියාව නිර්වින්දනය කිරීමටද වනජීවි වෛද්‍යවරයාට මහත් උත්සහයක් දැරීමට සිදු වුණා.
මෙවැනි කදුවර කොටින් සීමිත වන අතර මෙවැනි සත්වයින් අකාලයේ මිය යාමද ඛෙදවාචකයකි.
983 Views
Comments