පොල් ගස් කැපුවොත් නීතිමය පියවර ගන්නවා - අමාත්‍ය රමේෂ් පතිරණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

පොල් ගස් කැපුවොත් නීතිමය පියවර ගන්නවා - අමාත්‍ය රමේෂ් පතිරණ

පොල් ගස් කැපුවොත් නීතිමය පියවර ගන්නවා - අමාත්‍ය රමේෂ් පතිරණ

ඉදිරි මාස කිහිපය තුළ ගස් හෙලීමේ පනත සඳහා පොල් ගස ද ඇතුළත් කරමින් පොල් ගස් කැපීම සීමා කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

 

පාර්ලිමේන්තුවේ තව තේ වැවිලි කටයුතු පිළිබඳ ආංශික උපදේශන කාරක සභාවේ දී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ පිළිබඳව පැහැදිලි කළේ. ඉඩම් කැබලි කර විකිණීමේදී ව්‍යාපාරිකයන් ඉඩම් කැබලි කිරීමට පෙර පොල් ගස් ගලවා ඉවත් කරන නිසා පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂා කරන විට ද එම ඉඩම් පොල් ගස් රහිත ඉඩම් ලෙස නම් කරන බව මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පෙන්වා දුන්නා.

 

ඊට පිළිතුරු සපයමිනුයි අමාත්‍යවරයා මේ පිළිබඳව කරුණු දැක්වූයේ. වැවිලි අමාත්‍යාංශයේ අවධානය මේ සඳහා යොමු කර ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළදී පොල් ගස ගස් හෙලීමේ පනත ට ඇතුල්කර නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

views

1013 Views

Comments

arrow-up