සැමියා පොල්ලෙන් ගසා බිරිය මරා ගෙනැවිත් ජලාශයට දමලා - කොත්මලේ කාන්තා සිරුරේ අභිරහස විසඳෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

සැමියා පොල්ලෙන් ගසා බිරිය මරා ගෙනැවිත් ජලාශයට දමලා - කොත්මලේ කාන්තා සිරුරේ අභිරහස විසඳෙයි

සැමියා පොල්ලෙන් ගසා බිරිය මරා ගෙනැවිත් ජලාශයට දමලා - කොත්මලේ කාන්තා සිරුරේ අභිරහස විසඳෙයි

පසුගිය 25 වැනිදා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී තලවකැලේ පොලීසිය විසින් ගොඩ ගනු ලැබූ කාන්තාවගේ මළ සිරුර ඇගේ සැමියා විසින් වෑන් රථයකින් රැගෙනවිත් ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බව තහවුරු වී තිබෙනවා.

 

ඇයගේ මරණයට හේතුව සැමියා විසින් ඇයට පොල්ලකින් පහර දීමයි. ඉකුත් 23 වන දා ඇය සහ සැමියා අතර නිවසේ දී ආරවුලක් ඇති වී තිබෙනවා.

 

එහිදී ඇති වූ පහරදීමක් හේතුවෙනුයි ඇය ඝාතනය වී තිබෙන්නේ.

 

ඉන්පසුව 24 වන දින රාත්‍රියේ ඇයගේ සැමියා විසින් වෑන් රථයක් ගෙනැවිත් ඇගේ සිරුර කොත්මලේ ජලාශයට දමා තිබෙන බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.

 

ඇගේ සැමියා වෑන් රථ රියදුරෙකු ලෙස සේවය කරන අතර 24 වැනිදා රාත්‍රියේ අයිතිකරුගෙන් වෑන් රථය ඉල්ලා ගෙනවිත් තම නිවසේ තබා අසල්වාසීන්ට නොදැනෙන සේ කාන්තාවගේ සිරුර වෑන් රථයේ දමා කොත්මලේ ජලාශය වෙත ගෙනවිත් ඇත.

 

සිද්ධියෙන් මිය ගියේ කොත්මලේ ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායේ පදිංචි ව සිටි 28 හැවිරිදි වනරාජා සිත්තර වල්ලි නම් දෙදරු මවයි.

 

මිය යන විට ඇයට අවුරුදු 1 1/2 සහ අවුරුදු 4 වයස් වල පසු වූ දරුවන් දෙදෙනෙක් සිට ඇත.

 

මරණය සම්බන්ධයෙන් ඇති වූ සැකය හේතුවෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේ දී සැමියා විසින් ඇයව ඝාතනය කළ බව පාපොච්චාරණය කර තිබෙනවා.

 

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ සිරුර නුවරඑළිය මහ රෝහලේ තබා තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

views

1035 Views

Comments

arrow-up