ඉන්ධන මිල පහලට - බස් සහ ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් නෑ

ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වේ.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.
මේ අතර, රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"බස් ගාස්තු අඩුකිරීමට මේ වෙලාවේ හැකියාවක් නෑ. ජනතාව අවබෝධ කරගත යුතුයි මිල සුත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා රු 12ක් අඩු කරා ඒ කියලා ගාස්තු අඩුකරන්න ඕනේ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නෑ."
එමෙන්ම රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේ, ත්‍රිවිල් ගාස්තුව එක් එක් සංගමයට ප්‍රකාශයට පත්කිරීමට නොදී රජය විසින් එය තීරණය කළ යුතු බවය.
60 Views
Comments