දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ වර්ජනයෙන් දුම්රිය මගීන් අද (07) දැඩි අපහසුතාවයට පත්වුණි.
වර්ජනයේ නිරත ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ අද (07) පස්වරුව වනවිට දුම්රිය ගමන්වාර 100ක් පමණ අවලංගු විය හැකි බවය.
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය දියත් කරන මෙම වර්ජනයට දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක පමණක් රියදුරන් එක්වී සිටී.
මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බවට වාර්තා වෙයි.
දුම්රිය වෘත්තීය සමිති විටින් විට සිදුකරන වර්ජන හේතුවෙන් පීඩාවට පත්වන දුම්රිය මගීන් පවසන්නේ, දුම්රිය සේවය පෞද්ගලීකරණය කළහොත් තමන්ට හොඳ සේවාවක් ලබාගත හැකි බවය.
218 Views
Comments