වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙනතුරු වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙනතුරු වැසෙයි

වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙනතුරු වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

 

අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

ඒ අනුව, යළි දැනුම්දෙනතුරු වැලිපැන්න පිවිසුම වසා තැබෙන අතර අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැම්ම අන්තර් හුවමාරු භාවිත කළයුතු බවද එම අධිකාරිය දැනුම් දෙයි.

 

 

views

244 Views

Comments

arrow-up