ප්‍රදේශ තුනක දියේ ගිලීම් වලින් අහිමි වු ජීවිත

ප්‍රදේශ තුනක දී පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (17) පස්වරුවේ ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී තරුණයෙකු අතුරුදන් ව තිබේ.
පසුව තරුණයාගේ සිරුර මීගමුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇත.
මෙම තරුණයා ඔහුගේ මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලි ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ අතර, ඊයේ උදෑසන පොතුවිල්, කඳහිදගම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම යාපනය, නාවලර් පාර ප්‍ර දේශයේ ළිඳකට වැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවකි.
මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති අතර අසල්වාසීන් විසින් මෙම කාන්තාව පිළිබඳ සිදුකළ සොයා බැලීමක දී ඇයගේ නිවස අසල පිහිටි ළිඳේ තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇත.
යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
252 Views
Comments