දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වුණා.

 

ඉදිරි උත්සව සමයේ දී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.එමෙන්ම ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමේ දී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා.

 

වී මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටළු රැසක් එමගින් නිරාකරණය කෙරුණු අති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු වුණා.

 

සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරු ද විමර්ශනය කෙරිණි. පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දුන්නා.

 

ඊට අදාළ වැටලිම් පුළුල් කර තිබේ. එමෙන්ම වෙළඳුන් දැනුවත් කිරීමට ද කඩිනමි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. තිරිගු පිටි මිල පාලනයට රජය ගත් පියවර මෙන්ම අනෙකුත් අත්‍යාවශය භාන්ඩ සඳහා ලබාදුන් බදු සහනවල ප්‍රතිලාභ පිළිබදව ද සමාලෝචනයට ලක් කෙරුණා.

 

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද චමල් රාජපක්ෂ. රමේෂ් පතිරණ. වාසුදේව නානායක්කාර, මහින්ද යාපා අබේවර්ධන, විදුර වික්‍රමනායක, සනත් නිශාන්ත, තාරක බාලසූරිය යන මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියා. 

views

663 Views

Comments

arrow-up