පාතාල නායක දිනුකට හෙලිකොප්ටරයක් මල් ඉසින්න ගිහිං වැඩ වරද්දා ගනී.. කවුද මේ දිනුක?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

පාතාල නායක දිනුකට හෙලිකොප්ටරයක් මල් ඉසින්න ගිහිං වැඩ වරද්දා ගනී.. කවුද මේ දිනුක?

පාතාල නායක දිනුකට හෙලිකොප්ටරයක් මල් ඉසින්න ගිහිං වැඩ වරද්දා ගනී.. කවුද මේ දිනුක?

කෙසෙල්වත්ත දිනුකගේ අවමංගල්‍යය වෙනුවෙන් හෙලිකොප්ටර් යානාවකින් මල් ඉසීමට ගත් උත්සහයක් පොලිසිය මැදිහත්ව නවත්වලා තිබෙනවා

 

දිනුකගේ මළ සිරුර මේවන විට මීගමුව රෝහලේ ඉදිරි විමර්ශන වෙනුවෙන් තබා ඇති පසු බිමක ඔහුගේ අවසන් කරන දින ගුවනින් මල් ඉසීමට හෙලිකොප්ටර් යානාවක් පුද්ගලික ආයතනයකින් කුලියට ගැනීමට ගත් උත්සහයක් මෙලෙස ව්‍යක්ත කොට ඇතැයි වාර්තා වෙන්නේ

 

දිනුකගේ මව කඩවත ප්‍රදේශයේ ජීවිත් වන අතර ඇය විසින් මහත් උත්සවශ්‍රීයෙන් මෙම අවසන් කටයුතු පැවැත්වීමට කටයුතු යොද ඇතැයි ද වාර්තා වන්නේ

 

දිනුකගේ මෘත ශරීරය තැබීම සඳහා කොළඹ ප්‍රසිද්ධ අවමංගල්‍යය අධ්‍යක්ෂ සමාගමකින් රුපියල් ලක්ෂ 8 ක මිනී පෙට්ටියක්ද ගෙන තිබෙනවා.ඒ ඔහුගේ මව විසින්

 

එම මිනීය රැගෙන යාමට VVIP රථයක්සේම අධික මිලැති මල් වඩම්ද ඇනවුම් කොට තිබෙනවා

 

එසේම කෙසෙල්වත්තේ දිනුකගේ අභාවය වෙනුවෙන් කෙසෙල්වත්තේ හා පිටකොටුව ප්‍රදේශයේ දැමු ශෝක බැනර් හා සැරසිලි පොලිසිය විසින් කඩා ඉවත් කරලා තිබෙනවා

 

රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ අපරාධ පිළිබඳ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.

 

ඔහු කොළඹ ප්‍රදේශයේ සිදුකළ ඝාතන කිහිපයක ප්‍රධාන සැකකරුවෙකි. ඔහු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කියයි

 

කොළඹ කෙසෙල්වත්ත සහ අලුත්කඩේ ප්‍රදේශ ආශ්‍රිතව 2000 - 2012 අතර කාලය තුළ අපරාධ රැසක් සිදුකළ රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුශාන් නැමැත්තා ඉන් පසුව අතුරුදහන්ව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටිනවා

 

ඒ අනුව, ඩුබායි හිදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ යැයි සැකකෙරෙන මෘතශරීරයක් ඊයේ (18) ගුවන් මගින් මෙරටට රැගෙන ආවා.

 

කෙසේ වෙතත් එය කෙසෙල්වත්තේ දිනුකගේම මෘතශරීරය දැයි තහවුරු කරගැනීම සඳහා DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

 

35 හැවිරිදි රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක පුද්ගල ඝාතන හතරක්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි අයෙක්

 

ඔහු ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ මාකදුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකු ලෙසද සැලකනවා.

 

ඔහු, 2012 වසරේදී කසුන් මධුරංග රාජපක්ෂ යන ව්‍යාජ අනන්‍යතාවයක් දැක්වෙන ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඩුබායි වෙත පිටවගොස් තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය 2018 වසරේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක්ද ලබාගෙන තිබුණා

 

මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව ඔහු විදේශගතවී තිබෙන්නේ 2012 ජූනි මාසයේ 19 වනදා ශ්‍රී ලන්කන් ගුවන් යානයකින්

 

2018 වසරේ ජූලි මස 18 වනදා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වූ රතු නිවේදනය නිකුත් වී තිබුණා

 

කෙසෙල්වත්තේ දිනුකගේ යැයි පැවසෙන මෘතදේහය අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඩුබායි සිට රැගෙනවිත් තිබුණා.

 

එහෙත් මෘතදේහයේ අනන්‍යතාව සඳහන්ව ඇත්තේ කසුන් මධුරංග රාජපක්ෂ ලෙසයයි

 

දිනුකගේ මව දේහය භාරගැනීම සඳහා පැමිණ සිටි නමුත් දේහයේ අනන්‍යතාව සහ ඇය ඉදිරිපත් කළ නාමය අතර පැවති පරස්පරතාව හේතුවෙන් මෘතදේහය ඇයට භාරනොදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා

 

එම දේහය ලංකාවේ දී භාර ගැනීම සඳහා එම්. ඒ රේණුකා නැමැති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉදිරිපත්ව සිටි අතර එහිදී ඇය ප්‍රථමයෙන් සඳහන්කර තිබුණේ තම පුතාගේ දේහය භාර ගැනීමට පැමිණි බවයි

 

නමුත් මළ සිරුරේ සඳහන් නම පරීක්ෂා කිරීමේදී එහි සඳහන් නමට පුත්‍රයෙකු ඇයට නොමැති බව අනාවරණය වූ බවද අජිත් රෝහණ මහතා පවසනවා

 

ඒ අතර කෙසෙල්වත්තේ දිනුකගේ යැයි පැවසෙන නිවස ද අවමංගල්‍ය කටයුතු සඳහා අද සැරසිලිකර තිබුණා.

 

ඔහු සිදුකර තිබූ ප්‍රථම අපරාධය ලෙස පොලිස් වාර්තාවල සඳහන්ව ඇත්තේ, අපරාධයක් සිදුකළ පුද්ගලයෙකුට පිහියකින් ඇන 2004 වසරේදී සිදුකළ සිද්ධියයු පසුව, 2010 වසරේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කරන කෙසෙල්වත්තේ දිනුක එම වර්ෂයේදීම මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණා

 

ඉන් පසුව අපරාධ කල්ලි සමග සම්බන්ධවන දිනුක කොල්ලකෑම් ආදී අපරාධ ගණනාවක සැකකරුවෙකු වී තිබුණා

 

දිනුකගේ අවසන් කටයුතු පශ්චාත් මරණ පරීක්ෂණ වලින් පසු සිදු කරනවා.

 

ඒ ඔහුගේ මව හා නෑදෑයින් විසින් දිනුක මිය ගියේ කොරෝනා නිසාද බවට සැක මතුවෙනවා.නමුත් ඔහු හෘදයාබාධයක් නිසා මරුණුවට පත් වූ බවයි මත පල වන්නේ.

 

අවසන් කාලයේ ඩූබායි වල නිවාස සංකීර්ණයක් මිලට ගෙන සුපිරි දිවියක් ගෙවු දිනුක කොකේන් මාත්‍රාවක් වැඩිපුර පානය කිරීම නිසා අකාලයේ මිය ගිය බවද පැවසෙනවා.

 

කෙසේ වෙතත් ඔහුගේ මරණයට හේතුව අනාවරණය වන්නේ මීගමුව රෝහලේදි පැවැත්වෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙනන්

views

936 Views

Comments

arrow-up