SEP
18
ලක්ෂ 14ක් කප්පම් ගත් පොලිස් නිලධාරීන් 4ක් මාට්ටු

කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට තර්ජනය කර රුපියල් ලක්ෂ 14ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 04ක් මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනකු, සැරයන්වරයකු සහ උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකි.
168 Views
Comments