වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වයක් - මුහුදේ තද සුළං
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වයක් - මුහුදේ තද සුළං

වායු ගෝලයේ අඩු පීඩන තත්ත්වයක් - මුහුදේ තද සුළං

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනට නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප‍්‍රදේශවලට තද වැසි සමග සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් අතර දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවයි. 

 

ඒ සමග එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බැවින් නැගෙනහිර ගැඹුරු මුහුදු ප‍්‍රදේශයේ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

 

ඒ හේතුවෙන් කඳුකර ප‍්‍රදේශ ඇතුළු නායයෑම් අවදානම සහිත ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

views

651 Views

Comments

arrow-up