පළාත් රැසකට සවස් කාලයේ මි.මි 75ඉක්මවූ ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

පළාත් රැසකට සවස් කාලයේ මි.මි 75ඉක්මවූ ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට සවස් කාලයේ මි.මි 75ඉක්මවූ ගිගුරුම් සහිත වැසි

මධ්‍යම,සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ.

 

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසිවාර කිහිපයක් ඇතිවියහැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවියහැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදුප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසිඇති වියහැක.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමාඑයි. සුළගේ වේගයපැ.කි.මී. (20-30) පමණවේ.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 40 දක්වා වැඩිවියහැක.

 

ගාල්ල සිට හම්බන්තොට දක්වාවන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

720 Views

Comments

arrow-up