සෙස්නා 150 ගුවන්යානයක් හදිසියේ ත්‍රිකුණාමලයට ගොඩ බස්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සෙස්නා 150 වර්ගයේ ගුවන් යානාවක් එහි ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළ ආසන්නයට පිහිටි ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
මෙම ගොඩ බැස්වීම සිදු කර ඇත්තේ අද උදෑසන 10.48 පමණ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බලඝණ නායක දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ.
ගුවන් නියමුවන් ගේ මූලික පුහුණුවීම් සඳහා භාවිතා කරන සෙස්නා 150 ගුවන් යානාව අද උදෑසන ත්‍රිකුණාමලය චීන වරාය කඳවුරෙන් ගුවන් ගත කර තිබුණා.
කෙසේ නමුත් ගුවනේ දී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනුයි මෙවැනි හදිසි ගොඩ බැසීමක් සිදු කර ඇත්තේ.
මේ හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
අනතුරෙන් ගුවන් නියමුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
1325 Views
Comments