පළාත් පාලන ආයතනයන්හි පරිපාලන කටයුතු වලට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

පළාත් පාලන ආයතනයන්හි පරිපාලන කටයුතු වලට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ

පළාත් පාලන ආයතනයන්හි පරිපාලන කටයුතු වලට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් -  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ

පළාත් පාලන ආයතනයන්හි කාර්‍ය මණ්ඩල බඳවා ගැනීම්, දීමනා, වාහන භාවිතය ඇතුළු පරිපාලන කාරණා සඳහා පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නා .

 

අදාළ පොදු ක්‍රමවේදය සකසා එය මාස 03 ක් ඇතුළත රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බව එම කාරක සභාව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට උපදෙස් ලබා දුන්නා කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාරක සභා රැස්වීමේදී කුරුණෑගල මහ නගර සභාවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධන පිළිබඳව පරීක්ෂා කිරීම සිදු විය.

 

ඇතැම් පළාත් පාලන ආයතනයන්හි පරිපාලන කටයුතු අවිධිමත් වන අතර, එය විධිමත් කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතු බව මෙම කාරක සභාවට සභභාගී වූ සාමාජික අමාත්‍යවරු ඇතුළු මන්ත්‍රීවරු කරුණු දක්වමින් පෙන්වා දුන්හ.

 

එම වැඩපිළිවෙල සැකසීමේදී පළාත් පාලන ආයතනයන්හි කටයුතු පහසු කරන අයුරින් එය සිදු විය යුතු බවද ඔවුහු පැවසූහ.

 

මේ අවස්ථාවට, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ, දයාසිරි ජයසේකර යන මහත්ම මහත්මීහුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන බී.වයි.ජි රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, කාදර් මස්තාන්, ආචාර්‍ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාහු පිරිසක් සභභාගි වූහ.

 

 

views

705 Views

Comments

arrow-up