මධ්‍යම පරිසර අධිකාරිය අත්‍යාවශ්‍ය සේවාක් කරයි

අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කර තිබේ.
විශේෂ ජනාධිපති කාර්ය සාධක බලාකයේ නියෝගය මත හෙට සිට මධ්‍යම පරිසර අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන් කාර්යයන් කිහිපයක් සඳහා අනුයුක්ත කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ඒ අනුව දිවයින පුරා පවතින ජල පවිත්‍රාගාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා සියලු ජල පවිත්‍රාගාරවල කටයුතු අධීක්ෂණය කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන් යෙදවීමට නියමිතයි.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවාරණය වන පරිදි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීම මත ඔවුන්ට රාජකාරි පැවරෙයි.
එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු පරිසර නිලධාරීන් කොරෝනා වෛරසය තුරන් කිරීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වීම පිණිස ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයට යොදවන බව එම අධිකාරිය සඳහන් කළේය.
912 Views
Comments