හෙද කාර්ය මණ්ඩලය පීඩනයෙන් - පුෂ්පා රම්‍යානි ද සොයිසා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

හෙද කාර්ය මණ්ඩලය පීඩනයෙන් - පුෂ්පා රම්‍යානි ද සොයිසා

හෙද කාර්ය මණ්ඩලය පීඩනයෙන් - පුෂ්පා රම්‍යානි ද සොයිසා

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල අවම හෙද කාර්ය මණ්ඩලයක් සේවය කිරීම හේතුවෙන් වර්තමානය වන විට සමස්ථ හෙද කාර්ය මණ්ඩලටම අධි ධාරිතාවකින් සේවය කිරීමට සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

එම සංගමයේ උප ලේකම් හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය සඳහන් කළේ මේ හේතුව නිසා සමස්ත කාර්ය මණ්ඩලයම පීඩනයකින් පෙළෙන බවයි. ඊයේ (03)කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

 

දැනට මෙරට සමස්ත හෙද කාර්ය මණ්ඩලය 38 000 පමණ වන බවත් මේ වනවිට පවතින සේවා අවශ්‍යතාවය දෙගුණයක පමණ වන බවත් ඇය ප්‍රකාශ කළා.

views

3339 Views

Comments

arrow-up