රාජයේ සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛණය නිකුත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

රාජයේ සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛණය නිකුත් වේ

රාජයේ සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛණය නිකුත් වේ

පැතිරී යන කොවිඩ් වසංගතය හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛනය අද නිකුත් විය.

 

ඒ අනුව මසකට උපරිම වැඩ කරන දින අටක් වන ලෙස සතියකට වැඩ කරන දින 2ක් නිවාඩු වලින් අඩු නොකර සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ ලැබේ.

 

දෛනික ජන ජීවිත යථා පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය සේවා සැපයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නිලධාරීන් සතියකට දින 3 කට වඩා සේවයට කැඳවීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ඒ පිළිබඳව අදාල ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකිය

 

නිලධාරියාට අදාල සේවා මුරයේ දිනකදි සේවයට නොපැමිණියහොත් ඔහුගේ පුද්ගලික නිවාඩු වලින් අඩු කිරීම සිදු වේ.

 

 

 

views

1108 Views

Comments

arrow-up