රත්නපුර සියලු උපකාරක පන්ති නැවැත්වීමට තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

රත්නපුර සියලු උපකාරක පන්ති නැවැත්වීමට තීරණයක්

රත්නපුර සියලු උපකාරක පන්ති නැවැත්වීමට තීරණයක්

රටපුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හමුවේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත‍්‍රික්කයේ සියලූම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ(06) දිනයේ රැස්වු රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව තීරණය කර තිබේ.

රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ පිළිබඳව තහවුරු කරනු ලැබිය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකා කමිටුව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල රැස්විම් ශාලාවේ දී ඊයේ රැස්විය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස්, ආරක්‍ෂක, රාජ්‍ය, පළාත් රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු, ස්වේච්ජා සංවිධාන ප‍්‍රධානීන්ගෙන් මෙම කමිටුව සමන්විත විය.

 

views

785 Views

Comments

arrow-up