සජිත් පිල එජාපය අතහරි ?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

සජිත් පිල එජාපය අතහරි ?

සජිත් පිල එජාපය අතහරි ?

බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට දින සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 


ඒ,ඊයේ  (16) සිරිකොත දී පැවති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

 


පක්ෂයේ තීන්දුව කුමක් වුවත් බහුතරයගේ සමඟිය අනුව සජිත්  ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා ලෙසත්,සන්ධානයේ නායකයා ලෙසත්  ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

 


හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ බහුතර කැමැත්ත අනුව තීරණය ගන්නා ලෙස වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවයි. 

 


කෙසේවෙතත් අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදීත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබුණි. 

 

views

758 Views

Comments

arrow-up