අසාත් සාලිගෙනුත් පොලිසියට බලපෑම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය හතරකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම පිළිබඳව සිදුකරගෙන ගිය පරීක්ෂණ වලට සම්බන්ද තමාගෙන් ප්‍රකාශ කර සටහන් කර ගත් බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට රාජකාරි කළා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූයේ තමන් යටතේ පැවති පොලිස් කණ්ඩායමක් යැයි පවසා ඇති ඔහු එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාත් සාලි විසින් පොලිස් පරීක්ෂණ වලටද දැඩි බලපෑමක් එල්ල කළ බවද සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමා පොලිසිය වෙත ලබා දුන් ප‍්‍රකාශයේ සදහන් කල බවද ඔහු පවසනවා.
636 Views
Comments