ඇන්ටිජන් පරීක්ෂාව අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

කොවිඩ්19 අසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

 

ඒ අනුව අද (18) සිට හදුනාගත් කණ්ඩායම් සදහා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

 

මෙමගින් කොවිඩ් රෝගය ආසාදනය වී ඇතිදැයි විනාඩි 20 - 30 ත් අතර කාලයකදී තහවුරු කරගත හැකි බවද වාර්තා වේ.

 

එමෙන්ම රෝහල් වලට පැමිණෙන කොරෝනා රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින්ද මෙම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව වවසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් නියා සිටියා.

 

 

views

662 Views

Comments

arrow-up