UPDATE : තවත් කොවිඩ් ආසාදිතයින් 87ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

UPDATE : තවත් කොවිඩ් ආසාදිතයින් 87ක්

UPDATE : තවත් කොවිඩ් ආසාදිතයින් 87ක්

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 


ඒ අනුව අද (10) දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

 


කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (9) දිනයේ හඳුනාගත් ආසාදිතයින් 56 දෙනා ද සමග අදාළ මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 339කි.
මේ අතර අද හඳුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2437 දක්වා ඉහළ ගොස් ඇත.

 


තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 446කි.
පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.

 

views

830 Views

Comments

arrow-up