ජනපති ගෝඨාභය සහ පාකිස්ථාන අගමැති අතර දුරකතන සංවාදයක්

කෝවිඞ් -19 වසංගතයට එරෙහිව ශී‍්‍ර ලංකාව ගෙන යන වැඩපිළිවෙල පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.
පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (25) පැවැත්වූ දුරකථන සංවාදයකදීයි.
ද්වි පාර්ශවික සබඳතා, කලාපීය තත්ත්වයන් ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි නායකයින් දෙපළ එම දුරකථන සංවාදයේදී සාකච්ඡාවට ලක් කළ බවයි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය කාර්යයාලය නිවේදනය කළේ.
කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට සහයෝගයෙන් යුතුව කි‍්‍රයා කිරීමට ද නායකයින් දෙපළ සාකච්ඡා පැවැත්වූ බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළා.
678 Views
Comments