සුරාසැල් අසල දුරස් බව නොතිබ්බොත් විවෘත වූ සියල්ල වැසී යා හැකියි

සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීම සඳහා අද (14) සිට විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලීසිය පවසනවා.
ඇඳිරි නීිතිය ලිහිල් කළ දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් ඊයේ (13) සිට විවෘත කෙරුණා.
විවෘත කෙරුණු සුරාසැල් අසල දිගු පෝලිම් පැවති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීමක් බව පොලිසිය පෙන්වා දෙනවා.
ඒ අනුව. ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම ස්ථාන අසළ සිටි පිරිස් අතර තිබූ දුරස්ථභාවය පිළිබඳව කිසිඳු සෑහීමකට පත්විය නොහැකි බවයි. ජනතාව අවබෝධයෙන් කටයුතු නොකළොත් විවෘත වූ සියල්ල යළි වසා දමා රට යළිත් පිටුපසට යනු ඇති බවද පෙන්වා දුන්නා.
නිරෝධායන රීතීන් උල්ලංඝනය කල 53,000කට වැඩි පිරිසක් මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 14,000කට ආසන්නයි.
750 Views
Comments