ත්‍රිරෝද රථ රියදුරාට පිහි පහරදී මුදල් කොල්ලකා පළා ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ත්‍රිරෝද රථ රියදුරාට පිහි පහරදී මුදල් කොල්ලකා පළා ගිහින්

ත්‍රිරෝද රථ රියදුරාට පිහි පහරදී මුදල් කොල්ලකා පළා ගිහින්

කරන්දෙණිය පොලිස් වසමේ දිවිය ගහවෙල පණලිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් රියදුරට පිහියෙන් ඇන මුදල් කොල්ලකා පළා ගොස් තිබේ.

 

තුවාලත් රියදුරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

 

ඇල්පිටිය නගරයේ පල්ලිය අසල ත්‍රිරෝද රථ ගාලේ කුලී රථ රියදුරකු සමඟ දිවියගහවෙල ප්‍රදේශයට කුලී ගමනක් යාම සඳහා එම පුද්ගලයින් දෙදෙනා ඊයේ (10) දහවල් ත්‍රීරෝද රථයට නැඟ තිබේ.

 

දහවල් 2කට පමණ ත්‍රිරෝද රථයේ ගමන් කළ අය විසින් දිවියගහවෙල පනලිය පාළු ප්‍රදේශයකදී රියදුරුට පහරදී ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර අසල වූ කුරුඳු ඉඩමකට ගෙන ගොස් ඔහු සතුව තිබූ මුදල් සහ දුරකථනයක් පැහැරගෙන ඇති බව වාර්තා වේ.

 

රියදුරුගේ කමිසයද ඉරා දමා ඇති සැකකරුවන් පළායාමෙන් පසු රියදුරු මාර්ගයට පැමිණ එහි ගමන් ගත් පුද්ගලයෙකුට සිද්ධිය පැවසීමෙන් අනතුරුව කරන්දෙණිය පොලීසියට මේ පිළිබඳ දැනුම්දී තිබේ.

 

අනතුරුව තුවාල ලත් රියදුරු ඇල්පිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

 

මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය කම්පිටියවත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි  අයෙක් වන අතර කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

215 Views

Comments

arrow-up