මෙරට පාසල් 582ක් සඳහා මූලික පහසුකම් නෑ – අධ්‍යාපන ඇමති

කොරෝනා වෛරසයත් සමග පාසල් පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී තමන්ට පළමු වරට තොරතුරු රැසක් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ දිවයින පුරා පවතින පාසල් 10167න් පාසල් 582ක් සඳහා කිසිදු පහසුකම් නොමැති බව වාර්තා වී ඇති බවයි.
අවම වශයෙන් එම පාසල් වල පානීය ජල පහසුකම හෝ නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ පිළිබඳ වාර්තා වූයේ කොරෝනා වෛරය හේතුවෙන් දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳ සොයා බැලීමේදී බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම සිසුවියන් කෙරෙහි බලපාන සමාජීය ගැටළු රැසක්ද පාසල් තුළ පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
633 Views
Comments