අධිකරණයක් සංවේදී කළ ජපන් ලංකා ආදර කතාවේ තීන්දුව

මොරටුව පරිවාසයක සිටින ජපන් ජාතික සෝරා ඔටාකි නමැති තරුණිය රුපියල් ලක්‍ෂ 15ක බැඳුම්කරයක් මත ඇයගේ පෙම්වතා වන කසුන් මධුශංක බණ්ඩාර නැමැත්තාගේ ලොකු අම්මා වෙත භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය ඊයේ (18) දින නියෝග කර තිබෙනවා.
මෙලෙස නියෝගයක් දී ඇත්තේ අප්‍රේල් මස 8 වන දිනට දරු ප්‍රසුතිය සදහා ඇය සූදානමින් සිටින නිසාය
මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, ජපන් ජාතික තරුණියක ශ්‍රීලංකාවට රැගෙනවිත් අපහරණයට ලක්කළ බවට සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා ඉදිරිපත් කරමින් කොච්චිකඩේ පොලිසිය විසින් එම පෙම්වතාට සහ තවත් පස් දෙනෙකුට එරෙහිව පවරනු ලැබ ඇති නඩුව ඊයේ යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය
දරුවාගේ අනාගතය සලකා ශ්‍රී ලාංකික පෙම්වතාට තම දියණිය විවාහ කර දීමට සොරා ඔටාකිගේ මව වන චියෝරා ඔටාකි මහත්මිය කැමැත්ත පළ කර ඇති බවද අධිකරණයයේදී කරුණු අනාවරණය වුණා
විත්තිය වෙනුවෙන් පෙනි සිටී නීතිඥවරුන් තම සේවාදායකයාගේ පෙම්වතිය අප්‍රේල් මස 8 වන දිනට දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින බවත් පරිවාස භාරයේ සිටීම නිසා ඇය යහපත් මානසික තත්ත්වයකින් පසු නොවන බවත් හැකියාවක් ඇත්නම් දරු ප්‍රසූතිය සඳහා ඇය පෙම්වතාගේ ඥාතීන් භාරයට පත්කරන ලෙසත් ඉල්ලා සිටින බව දන්වා සිටියා.
ජපානයේ කෝටිපති පවුලක දැරිවියක් පැහැර ගෙන ගොස් අපහරණය ලක් කළ බව කියන චෝදනාව යටතේ මෙම ලාංකික තරුණයා කොච්චිකඩේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා
පසුව ඇප මත නිදහස් කෙරූ ශ්‍රීලාංකික තරුණයාට ජපන් තරුණියව මාසයකට දෙවතාවක් බැලීම සදහා අවසර ද පසුවා හිමි වුණා
ඇය අධිකරණ නිය මොරටුව,ලුනාව සර්වෝදය ළමා පරිවාස නිවහනෙහි රඳවා සිටිනවා ඇයව මෙරටට වයස අවුරුදු 15 මාස 4 න් මෙරටට රැගෙන ආ තිබුණා මෙම නඩුව ළමා හා යොවුන් පනතෙන් දමා ඇති හෙයින් එහි බාලවයස්කාර දරුවා ලෙස සදහන්ව ඇත්තේ වයස 16 අඩු දරුවන් ය
කෙසේ නමුත් ජපන් දැරිය ගැබිනියක් වී ඇත්තේ 16 වයස සම්පූර්ණ නොවීම මත මෙය මෙරට නීතියෙන් වරදක් බව අධිකරණයේදී කරුණු හෙළි වීම මත මෙම නඩුව පැවරුණා
1966 Views
Comments