රාජිත තවමත් ලංකා රෝහලේ - ගිලන්රථයත් ඒතනමයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

රාජිත තවමත් ලංකා රෝහලේ - ගිලන්රථයත් ඒතනමයි

රාජිත තවමත් ලංකා රෝහලේ - ගිලන්රථයත් ඒතනමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා පැමිණි ගිලන් රථය තවමත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල් භූමියේ රඳවා තිබේ.

 

බන්ධනාගාර නිලධාරින් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටින අතර, මීට ටික වේලාවකට පෙර චතුර සේනාරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද රෝහලට පැමිණ සිටියේය.

 

මන්ත්‍රීවරයාව බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කළ හැකි බවට නිර්දේශ කර තිබුණේ බන්ධනාගාර රෝහලෙන් ලංකා රෝහලට පැමිණ මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරියක විසිනි

 


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු තීරණය කරන බවයි.

views

709 Views

Comments

arrow-up