අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ලගයෙකු මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බවය.

 

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

views

184 Views

Comments

arrow-up