චීනයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් 141 නිවෙස් වෙත යවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

චීනයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් 141 නිවෙස් වෙත යවයි

චීනයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් 141 නිවෙස් වෙත යවයි

චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ තිබෙනවා.


 
ඔවුන් අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද වන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා.


 
අද (02 )  ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් වන අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 63 ක් සහ අලුයම 5.40 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් 77 ක් ද ඊයේ (01)  රාත්‍රී 8.45 එයා චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි  සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද  සියලුම  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණා.


 
ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පරීක්ෂා කර කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොවූයෙන් , ඔවුන්ගේ  නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා.

views

760 Views

Comments

arrow-up