IDH රෝහලේ කොරෝනා යැයි සැකකෙරෙන රෝගීන් සිව්දෙනා ගැන වාර්තාව අද(27)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

IDH රෝහලේ කොරෝනා යැයි සැකකෙරෙන රෝගීන් සිව්දෙනා ගැන වාර්තාව අද(27)

IDH රෝහලේ කොරෝනා යැයි සැකකෙරෙන රෝගීන් සිව්දෙනා ගැන වාර්තාව අද(27)

කොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සිවු දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිතයි.

 

මෙසේ සැකකෙරෙන රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රි ලාංකික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.


ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබෙනවා.

 

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා තිබේ.  මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වනවිට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

 

අද වනවිට වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන්ය.

 

එමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්  රටවල් 8කින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබෙනවා.

 

එක්සත් රාජධානියේද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරෙයි.

views

654 Views

Comments

arrow-up